emoneysl.com – අන්තර්ජාලයෙන් මුදල් උපයමු.

emoneysl.com

නිවැරදිව මුදල් Deposit කරන ආකාරය සහ Withdrawal කරන ආකාරය.

Deriv Platform එකට මුදල් Deposit කිරීමට සහ Withdraw කිරීමට ක්‍රමවේදයන් කිහිපයක් ඇත. ඒවා මොනවාද සහ ප්‍රායෝගිකව සිදුකරන ආකාරය පහත Video සහ සටහන් ලෙස දක්වා ඇත.

Payment Agent කෙනෙකු හරහා Deposit සහ Withdrawal සිදුකරගන්නා අයුරු.

මෙම ක්‍රමවේදය ශ්‍රී ලාංකික Traders ලා බහුලව භාවිතාකරන ක්‍රමවේදයකි. මෙහිදී සිදුවන්නෙ Deriv ආයතනයේ ශ්‍රී ලංකික Payment Agent කෙනෙකු සම්බන්ධ කරගනිමින් ඔහුගේ බැංකු ගිණුමට මුදල් බැරකර ඊට සමාන Dollars  අගයක් ඔහුගෙන් අපගේ Deriv ගිණුමට බැරකර ගැනීම හා  ඉන් Dollars ලෙස උපයාගන්නා ලද ලාභය නැවතත් Payment Agent කෙනුකට විකුණා අපගේ බැංකු ගිණුමට රුපියල් ලෙස ලබා ගැනීමත්ය. මෙහි ඇති අනිකුත් වාසියනම් ඔබගේ ගිණුම Document Verified නොවුනත් මෙම ක්‍රමය භාවිතයෙන් මුදල් Deposit සහ Withdrawal කිරීමට හැකිවීමයි( Dollar 10’000 සීමාවකට යටත්ව). මෙය ඉතාමත් සරල සහ විශ්වාසනීය ක්‍රමවේදයකි එය සිදුකරනා ආකාරය පහත Video දෙක නරඹා අධ්‍යයනය කරන්න.

Agent Deposit
Agent Withdrawal
P2P හරහා Deposit සහ Withdrawal සිදුකරගන්නා අයුරු.

මෙම ක්‍රම වේදයද ශ්‍රී ලාංකික Traders ලා අතර දෙවනුවට බහුලව Deposit කිරීමට සහ Withdraw කිරීමට භාවිතා වන ක්‍රම වේදයකි. මෙහිදී සිදුවන්නේ Deriv platform එක තුල සිටින Traders ලා එකිනෙකා අතර Dollers මිලදී ගැනීම සහ Sell කිරීමයි. ( ඔබ Binance p2p හරහා ගනුදෙනු සිදුකර ඇත්නම් මෙම ක්‍රමයද ඊට 100% ක් සමානයි). Deriv Platform එක හරහාම ගණුදෙනු සිදුවන නිසා මෙයද වඩාත් ආරක්ශිත ක්‍රමයකි. නමුත් මෙම සේවාව සක්‍රීය කරගැනීමට නම් ඔබගේ ගිණුම Documents Verified කර තිබිය යුතුයි. P2p  භාවිතා කරන ආකාරය පහත Video දෙක නරඹා අධ්‍යයනය කරන්න.

P2P Deposit
P2P Withdrawal

Other Payment Methods හරහා Deposit සහ Withdrawal සිදුකරගන්නා අයුරු.

ඉහත ක්‍රම දෙකට අමතරව ඔබට මෙම Platform එකට Credit & Debit Card , USDT, Skrill, Bitcoin, Perfect Money, Neteller වැනි ක්‍රම හරහාද මුදල් Deposit කිරීම සහ Withdrawal කිරීම සිදු කර ගත හැකිය. මෙහිදී ඔබ Deposit කරන Payment Method එකේන්ම Withdraw කිරීමද අනිවාර්ය වේ .පහත Video ව නරඹා ඔබට ඒ ගැන අවබෝධයක් ලබාගත හැක.

You cannot copy content of this page